ස්පාඤ්ඤය පැත්තෙන් ඇසෙන තවත් ආරංචියක් ගැනයි මේ කියන්න හදන්නේ.
ස්පාඤ්ඤයේ L’Ametlla del Vallès ගම්මානයේ කාන්තාවන් ට උඩුකය නිරුවත්ව පිහිනීමේ කටයුතුවල යෙදීමට නීතියෙන් අවසර ලැබී තිබෙනවා.මෙතෙක් ඒ ගම්මානයේ කාන්තාවන් ට නීතියෙන් ඉඩක් ලැබී තිබුණේ නැහැ.
මීට පෙර පොදු පිහිනුම් තටාකයක උඩුකය නිරුවත්ව දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු පිළිබඳව ජීවිතාරක්ෂක නිළධාරියෙකු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් ට උඩුකය නිරුවත්ව පිහිනීම සිදු කරන්න එපා කියලා පොලිස් නිළධාරින් නියෝග කළ බව සඳහන්.මේ සිද්ධියත් එක්ක L’Ametlla del Vallès ගම්මානයේ ගම්වැසියන් උද්ඝෝෂණයක් සිදු කරමින් පසුගිය දවසක මේ සිද්ධියට විරුද්ධත්වය ප්රකාශ කළා.
ඒ අනුව කැටලෝනියානු බලධාරීන් මේ වෙනුවෙන් පුංචි මත විමසුමක් තියලා තිබෙනවා.කාන්තාවන් 379ක් මේ සඳහා ඡන්දය භාවිත කර තිබෙන බවයි ආරංචිය.
ඒ අතරින් පක්ෂව 61%ක් සහ විපක්ෂව 39%ක් ඡන්දය ලබා දීමෙන් මේ නීතිය සම්මත වුණා.මේ නීතිය අනුව දැන් ඉතින් L’Ametlla del Vallès ගම්මානයේ වයස අවුරුදු 16 ට වැඩි සියලුම කාන්තාවන් ට උඩුකය නිරුවත්ව පොදු පිහිනුම් තටාකවල පිහිනීමේ යෙදෙන්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/201804051627599746_Best-exercise-to-beat-the-heat-this-summer_SECVPF.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Swimming-pool.jpg”]