සියදිවි හානිකරගැනීම වැළැක්වීම සඳහා උපදේශන සේවාවක් සීසීසී ලයින් පදනම හදුන්වා දී තිබෙනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ නිසි උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීම මගින් සියදිවි නසාගැනීම් අවම කරගත හැකි බවයි.
විවිධ මානසික හේතූන් , ආර්ථික ගැටලු ,රෝගී තත්ත්ව මෙන්ම අහිමිවීම් වැනි කරුණු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් සියදිවි හානිකර ගැනීමට යොමු වන බව පරීක්ෂණවලින් හෙලිවී තිබෙනවා. ප්‍රශ්නයක් පිළිබඳ සවන්දීමට කිසිවෙකු නොමැතිවීම , එසේ පැවසීමට විශ්වසනීයත්වයක් නොමැතිවීම යන කරුණු ද ඊට පදනම්වන බව හෙළිවී තිබෙනවා. පුද්ගලයින් තම ප්‍රශ්නවලට ජීවිතයෙන් වන්දි ගෙවීමට පෙළඹීම වැළැක්වීම අරමුණුකර ගනිමින් නව උපදේශන සේවය ක්‍රියාත්මක කෙරෙනවා. 1333 දුරකතනය අංකය ඇමතීමෙන් නොමිලේ එම සේවාව ලබා ගත හැකියි.
ධර්මසේන මුරගේ – උපදේශන අධීක්ෂණ නිලධාරී – සීසීසී ලයින් පදනම,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=qblVQnjJjtc&list=PLqArCuZXiGr1q9p5S3aTfWvAEGlInqTiE&index=1″]
මේ අතර ශාන්ති මග සංවිධානය පසුගිය අප්‍රේල් පළමුවනදා ආරම්භ කළ නිදහසට පියනගමු පාගමනේ 73 වන දිනය වන ඊයේ (12) දිනයේ අවසන් කෙරුණා. ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සියදිවි හානිකර ගැනීම වැළැක්වීම යන කරුණු පදනම්කර ගනිමින් උපදේශනාත්මක වැඩසටහන් සහිතවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. පාගමනේ අවසන් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.