ප්‍රවීන සංගීතවේදියෙකු වන සිරිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්වයක් හේතුවෙන් දිගු කලක් රෝහල්ගත වී සිටි ඒ මහතා මිය යන විට 73 වන වියෙහි පසු වුණා.
ශ්‍රී ලාංකේය ගීතාවලියට අපූර්ව ගීත රැසක් වෙනුවෙන් එතුමා සංගීත නිර්මාණය කර තිබෙනවා.ඒ අතර කරුණාරත්න දිවුල්ගනේ මහතා ගයන “සේපාලිකා” , සේනානායක වේරලියද්ද මහතා ගයන “නන්දනීය පෙම” හා “කුස පබාවතී පුවතක්”, කිත්සිරි ජයසේකර මහතා ගයන “මී පැණි රහසක්” , අසංක ප්‍රියමන්ත පීරිස් මහතා ගයන “හුදෙකලා විරාමයේදි” වැනි ගීත සඳහා තනු නිර්මාණය කළේ ද සිරිල් පෙරේරා සංගීතවේදියායි.