fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුත්තලම ජනතා ගැටලු විසදීම ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 12:07

පුත්තලම ජනතා ගැටලු විසදීම ජනපති ප්‍රධානත්වයෙන්

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන “ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන” වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.  පුත්තලම දිස්ත්‍රික්කයෙනුයි මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ.

ග්‍රාමීය ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසදුම් ලබා දීම ගම හදන ගමන වැඩසටහන මගින් සිදු කෙරෙනවා. පුත්තලම , මදුරන්කුලිය ප්‍රදේශයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනේදී ජනතා ගැටලු රැසකට විසදුම් ලබාදුන්නා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ජනතාවගේ නියෝජිතයින් පිරිසක් සංවර්ධන ගැටලු ඉදිරිපත් කළා. එහිදී පළාතේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් කැඳවා ජනතා ගැටලුවලට එම අවස්ථාවේ දීම විසදුම් ලබාදීම සිදුකෙරුණා. ග්‍රාම ශක්ති වැඩසටහනෙන් පසු ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කළ නිෂ්පාදන ගම්මාන දෙකක නිරීක්ෂණ චාරිකාවක ජනාධිපතිතුමා සහභාගිවීමට නියමිතයි. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්