fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියා ඇමරිකා යුධ අභ්‍යාසය නතර කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 09:47

දකුණු කොරියා ඇමරිකා යුධ අභ්‍යාසය නතර කෙරේ

දකුණු කොරියාව සමග පවත්වන යුධ අභ්‍යාසය නතර කරන බව ඇමරිකාව යළි තහවුරු කළා. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති කරගත් එකඟතාවට අනූව. දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුණා.

න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිමට උතුරු කොරියාව එකඟත්වය පළ කර තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි ඇමරිකාව පවසන්නේ. ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පැවති යුධ අභ්‍යාසයට පසුගිය කාලයේ උතුරු කොරියාව දැඩි විරෝධය පළ කළා. ඇමරිකාවේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් උතුරු කොරියා නායකයාට ඇරයුම් කළා. කිම් ජොන් උන් ද ඇමරිකා ජනාධිපතිවරයාට තම රටේ සංචාරය කරන ලෙසට ආරාධනා කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කලාපීය මෙන්ම ජාත්‍යන්තර සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරිමයි මූලික අරමුණ. මේ අතර දකුණු කොරියා ජනාධිපති මුන්ජේයින් ඇමරිකා ජනාධිපතිවරයා සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබෙනවා. යුධ අභ්‍යාස සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු වී නැහැ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්