ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික සාකච්ඡාවෙන් පසු දෙරට අතර ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබුවා. පුළුල් ලේඛණයක් වන එමඟින් ඔවුන් එකඟතා කිහිපයකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ මෙම හමුව දෙරටේ බලයේ සිටින නායකයන් දෙදෙනෙකු මුණගැසුණු පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙනවා. න්‍යෂ්ටික අවි හරණය ඇතුළු කරුණු රැසක් කෙරෙහි සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා. කොරියා අර්ධද්වීපය මුළුමනින්ම න්‍යෂ්ටික අවි තුරන් කළ කලාපයක් බවට පත් කිරිම සඳහා එක්ව කටයුතු කිරිමේ එකඟත්වය පළ කිරිම ද මෙහි විශේෂ කරුණක්.
අවංක, ඍජු සහ එලදායී සාකච්ඡාවක් පැවති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ඒ ඓතිහාසික හමුවෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. සාකච්ඡාවෙන් ලැබුණු ප්‍රතිඑලය ගැන දෙපාර්ශවය සතුටුවන බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ඇමරිකාවේ සංචාරයක නිරතවන ලෙස තමා කළ ඇරයුම උතුරු කොරියා නායකයා පිළිගත් බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසුවා. කිම් ජොන් උන් යනු ඉතා දක්ෂ සිය රටට ආදරේ ඇති තරුණ නායකයෙකු බවයි හමුවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන්කර සිටියේ. විශාල වෙනසක් ලෝකය ඉදිරියේ දී දකිනු ඇති බවයි කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙන්නේ. ලෝක දේශපාලනය උනුසුම් කරමින් පසුගිය සමයේ වාග් සංග්රාම වල නිරත වූ ඇමරිකා උතුරු කොරියා නායක හමුව පැවැත්වුණේ සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේ දී. පැය පහකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වුණා.සාකච්ඡා වලින් පසු දෙරටේ නායකයන් විශේෂ භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබෙනවා. බටහිර සහ කොරියා ආහාරවලින් භෝජන සංග්‍රහය සමන්විත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/0d3c925423716adf4586f7db17aee7aa.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/000_15U8QZ.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/trump.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/trump-1.jpg”][ot-caption title=””