fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුවන්ට හිංසා කළොත් ඊට එරෙහි වන්නැයි අගමැතිගෙන් යෝජනා

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 17:32

දරුවන්ට හිංසා කළොත් ඊට එරෙහි වන්නැයි අගමැතිගෙන් යෝජනා

ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ දරුවන් හිංසාකාරීව කුමන කටයුත්තකට යොදාගත්තද ජනතාව ඊට එරෙහි විය යුතු බවයි. ළමා ලොවට හිමි ආදරය ඇගයීම හා රැකවරණය ලබාදීම, ගුණාත්මක අධ්‍යාපනයක් තුලින් දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.  දරුවන්ට ළමා ලෝකයේ නිදහස්ව ජීවත්වීමට ඇති අයිතිය  තහවුරු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් වලට අනුව වයස අවුරුදු 14ට වඩා අඩු ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම නීති විරෝධී වනවා. වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු අනවශ්‍ය ලෙස ශාරීරික හෝ මානසික හිංසනයට ලක් වන බවට තොරතුරු වාර්තා වුවහොත් ළමා ආරක්ෂක අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා අංශය ඇතුළු අදාළ අංශ වෙත දැනුම් දීම අත්‍යවශ්‍යයයි. ඒ සදහා 1929 දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි. ළමා හිංසනය පිළිබද සාක්ෂි ලබා දීම ද වැදගත් වනවා. එය අපහසු අවස්ථාවල වහාම තොරතුර ලබාදීම කළ යුතු බවයි ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දෙන්නේ. ලෝකයේ මිලියන 120ක වැඩි දරුවන් පිරිසක් ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇති බව සදහන්. ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමිකයින්ගේ අඩුවීමක් සිදුව තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්