මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස් ලබාදී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. පලමු අදියරේ ඉදිකිරිම් වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 989 ක මුල්‍යාධාරයක් චීන එක්සිම් බැංකුවෙන් ලබාගැනීමට ද අද (13) පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම මුල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරිම් කඩිනම් කිරිමට හැකිවන බව ද නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දුන්නා