ජපානයේ හෂීමා නගරයේ නගරාධිපතිවරයා සමග ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජපානයේ පැවති 18 වන ආසියා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ ආරාධිත අමුත්තෙකු ලෙස මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා එක්වුණා. එහිදී මෙරට ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කැපකරු ක්‍රමයක් ඇති කිරීමට එකඟතාව පළ වී තිබෙනවා. ජපානයේ විවිධ ආයතන හා දානපතීන්ගේ අනුග්‍රහය මෙරට ක්‍රීඩාවේ සංවර්ධනයට යොදා ගැනීමටත් මෙහිදී අවධානය යොමු වූ බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.