අංකුඹුර ප්‍රාදේශීය රෝහලේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සදහා වැය කෙරුණ මුදල රුපියල් මිලියන 39ක්.
අංකුඹුර ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් සමන්විතව මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි මෙම රෝහලට ප්‍රතිකාර සඳහා විශාල පිරිසක් දෛනිකව පැමිණෙනවා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.