කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින්. Colours of Courage, National Health Development Fund හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (11) දින අත්සන් කරනු ලැබුවා මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ප්‍රදානයක් ලබාදී ඇත.
පිළිකා රෝගය සමඟ සටන් කිරීම වෙනුවෙන් 2011 වර්ෂයේ දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තුලින් තෙලිප්පලෙයි රෝහලෙහි පිළිකා ඒකකයක් ස්ථාපිත කරනු ලැබීය. ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක් පුදානය කළ අතර, 2014 දී ස්ථාපනය කළ මෙම පිළිකා රෝහලින් මේ වන විටත් 4500 ක් පමණ රෝගීන් ප්‍රතිකාර සේවාවන් ලබාගෙන ඇත.
උතුරේ සිට දකුණට කිලෝමීටර් 670 ක් ආවරණය කරමින් 2016 වර්ෂයේ නොවැම්බර් මස 02 දින පාගමනක් සංවිධානය කළ අතර, ඊට 7000 ක පමණ පිරිසක් සහභාගි වූ විය. ඒ අනුව 250,000 ක පරිත්‍යාගශීලීන්ගෙන් කරාපිටිය පිළිකා ඒකකය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය වූ ඩොලර් මිලියන 05 ක මුදල සොයාගනු ලැබීය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට අදාලව අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ අරලියගහ මන්දිරයේ දී වන අතර, මෙම අවස්ථාවට Colours of Courage හා National Health Development Fund නිලධාරීන් සහසෞඛ්ය අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.