බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයන්ට දුන් දඩුවම ප්‍රමාණවත් නොවන බවට නීතිපති ගොණු කළ අභියාචන පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින නියම කළා.
මෙම පෙත්සම සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමටයි දින නියම කෙරුණේ. 2011 වසරේ තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් යන අය ඝාතනය කොට ඔහුගේ පෙම්පතිය දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුලු 4 දෙනෙකු වරදකරුවන් කෙරුණා. ඔවුන්ට කොළඹ මහාධිකරණය මගින් විසි අවුරුදු සිර දඩුවම් නියම කර තිබුණා. එම දඩුවම ඉවත දමා මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙන ලෙසයි නීතිපතිවරයා සිය අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ. කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් නඩුවේ චූදිතයන් ගොණු කළ අභියාචන පෙත්සම් ද සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමට නියම කෙරුණා.