ජපානයේ හිටපු අගමැති දිවයිනට
Related Articles
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියෝ හටොයාමා මහතා ප්රමුඛ දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.යුකියෝ හටොයාමා මහතා ප්රමුඛ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළේදී මහත් හරසරින් යුතුව පිළිගැනුණා.
අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, හරින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියා. ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියෝ හටොයාමා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.