සියවසේ ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී
Related Articles
ලෝකයේම අවධානය දිනාගත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුවේ දී කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ වූ ගිවිසුමට අත්සන් තැබුණා.
මෙරට වේලාවෙන් අද උදෑසන 06.30ට පමණයි ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැප්පෙල්ලා හෝටලයේ දී මුහුණට මුහුණ මුණ ගැසුණේ. මෙම සාකච්ඡාවේදී උතුරු කොරියා නායකයා සමග නොබිදෙන මිතුදමක් ඇති කරගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
දිවා භෝජන සංග්‍රහය සදහා සාකච්ඡාව තාවකාලිකව කෙටි වේලාවකට නතර කෙරුණු අතර එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සාමය සදහා යහපත් පෙරලියක් ඇති කරවන්නක් බවයි. ඒ සදහා සහභාගීවීමට ලැබීම ගෞරවයක් බවද ඔහු පවසා තිබෙනවා. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියා රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීම ද මෙම සාකච්ඡාවල අරමුණයි. සමුළුව හේතුවෙන් සිංගප්පූරුවේ විශේෂ ආරක්ෂක විධි විධාන තර කිරීමට ද කටයුතු කෙරුණා. නායකයින් දෙපළ අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සැලසුම්කර තිබෙනවා. ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම ඓතිහාසික හමුව මාධ්‍ය ඔස්සේ සජීව ලෙස නැරඹීමට එක්ව සිටි බවද වාර්තා වනවා.