නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
රාජ්‍ය අමාත්‍යවරු
01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01- අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික
කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04- එඩ්වඩ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර ජයමහ මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
නියෝජ්‍ය අමාත්‍ය
එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පෙරවරුවේ දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි. රජයේ ආරංචි මාර්ගවලට අනුව නලීන් බණ්ඩාර, ලකී ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලුවිහාරේ, එඩ්වඩ් ගුණසේකර, බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙසේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.