කුමන ජාතියක් , කුමන ආගමක් නියෝජනය කළද මේ ලෝකයේ උපන් මිනිසුන් ලෙස හැමදෙනාටම සංවේදී සිත් තිබෙනවා. තමන්ගේ ජීවිතයට නිවැරදි මග පෙන්වා සාර්ථක මිනිසෙකු ලෙස සමාජයට පා තබන්නට උරදුන් ඇදුරෙකුගේ වෙන්ව යාම පුනරුත්තාපනයට ලක්වූ එල්ටීටීඊ සාමාජිකයන්ට දරාගන්නට නොහැකි වුණේ ඒ සංවේදීකම නිසාම විය යුතුයි.
එල්ටීටීඊ සාමාජිකයින් ලෙස ඉතා දරුණු ක්රියාවල නිරත වූ බොහෝ දෙනෙකු මේ වන විට පුනරුත්තාපනයට ලක්කර සමාජ ගත කර සිටිනවා. එසේ පුනරුත්තාපනයට ලක් වූ එල්ටීටිඊ සාමාජකයින් ඉතා සංවේදී වූ මොහොතක් අපේ කැමරා කාචයට මෙසේ හසුවුණා. මේ යාපනය , කිලිනොච්චි , මුලතිව් අණදෙන නිලධාරි කර්නල් රත්නප්රිය බන්දු මහතා ස්ථාන මාරුවක් ලැබ පිටත්වයාමට සැරසුණු මොහොතයි. පුනරුත්තාපනයට ලක්වූ එල්ටීටිඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ට තමන්ගේ ජීවිතයට වටිනාකම් එක් කළ පියෙකු බදු වූ කර්නල් රත්නප්රිය බන්දු මහතාගේ සමුගැනීම දරාගන්නට අපහසු වුණා. 2012 වසරේදී යුද හමුදාවේ ප්රධාන මාණ්ඩලික නිලධාරී තනතුරක් හොබවමින් සිටි රත්නප්රිය බන්දු මහතාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර එල්ටිටීඊ සාමාජිකයන් පුනරුත්තාපනය කර සමාජ ගතකිරීමේ ක්රියාවලිය පැවරුණා. ඒ අනුව තුන්දහසකට වැඩි පිරිසක් සාර්ථකව පුනරුත්තාපනයට ලක්කර ඔවුන්ගේ ජීවන මග සුවිශේෂී හැරවුම් ලක්ෂයකට ගෙන ඒමට ඔහුට හැකිවුණා. වසර පහකට වැඩි කාලයක් යාපනය , කිලිනොච්චි මුලතිව් යන දිස්ත්රික්වල ජනතාව සමඟ එක්ව කටයුතු කරමින් විවිධ සංවිධාන ආරම්භ කර ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මහතා කැපවි ක්රියා කළා. සිංහල දෙමළ භේදයකින් තොරව ප්රදේශයේ සියලු දෙනාගේ දුකේදීත් සැපේදිත් රත්නප්රිය බන්දු මහතා කටයුතු කළේ පියෙකු ලෙසන්. ඒ මහතාට අඹේපුස්ස යුද හමුදා කදවුරට ස්ථාන මාරුවක් ලැබීම මෙම පිරිසට ඉතා සංවේදී අවස්ථාවක් වුයේ ඒ නිසාමයි. කිලිනොච්චිය විශ්වමඩු ප්රධාන කාර්යාලයට පැමිණි ජනතාව කර්නල් රත්නප්රිය බන්දු මහතාට මෙසේ සමුදුන්නා . ඒ වෙනුවෙන් සුවිශේෂී උත්සවයක්ද සංවිධාන කර තිබුණේ ඒ මහතාට උපහාරයක් ලෙසයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/mTnSFUuGXjY”]