චිත්‍රයක් කියන්නේ ඕනෑම කෙනෙක් ට රස විඳිය හැකි අපූරු නිර්මාණයක්.චිත්‍ර ඇදිල්ල කියන දේ හැම කෙනෙක්ට ම කරන්න බැහැ.ඒ හැකියාව දෙවියන්ගෙන් ලද වරප්‍රසාදයක්.කුඩා දරුවාගේ සිටම වැඩිහිටියා දක්වා චිත්‍ර කලාව කෙරෙහි හැම කෙනෙක්ටම තියෙන්නේ එකම ආකාරයේ කැමැත්තක්.හැබැයි සිත්තරෙක් අඳින මේ සිතුවම්වල මොකක් හෝ සැඟවුණ කතාවක් තියෙන්න පුළුවන්.
මේ චිත්‍රය නම් කරලා තියෙන්නේ “මුතු කරාඹුව පැළදි යුවතිය” යන නමින්. යොහැනස් වර්මියර් කියන සිත්තරා ගේ නිර්මාණයක් වන මෙය “IVMeer” ලෙස තබා ඇති අත්සනක් මිස වර්ෂයක් සඳහන් නොවීම නිසා 1665 වසරේ දී සිතුවමට නඟන ලද්දක් බවට අනුමාන කෙරෙනවා.
මේ වෙද්දි නෙදර්ලන්තයේ හේග් නුවර සිතුවම් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මේ සිතුවම හඳුන්වන්නේ ලන්දේසි මොනාලිසා යන නමින්. “මුතු කරාඹුව පැළදි යුවතිය” සිතුවම කැන්වසයක් මත තෙල්සායමෙන් සිත්තම් කරන ලද්දක් වන අතර මෙහි උස සෙ.මී. 44.5ක් සහ පළල සෙ.මී. 39ක් වනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Girl_with_a_Pearl_Earring.jpg”]
නෙදර්ලන්තයට පමණක් සීමා නොවී ලෝකය පුරාම අතිශය ජනාදරයට පත් සිතුවමක් විදියට මේ සිතුවම හදුන්වන්න පුළුවන්.මේ ජනාදරය කොතරම්ද කිවහොත් 20වැනි සියවස තුළ බොහෝ මිනිසුන් මෙම තරුණිය සමග ආදරයෙන් බැඳෙන තරමට ම මේ සිතුවමට ඔවුන් ආශක්ත වී තිබෙනවා.සමහරවිට එයට හේතුව මෙම සිතුවම චිත්‍රපටයකට පාදක වී තිබීම ද,නවකතාවකට පාදක වීම ද විය හැකියි.
ඒ වගේ ම සමහර විට මේ චිත්‍රය ගැන සොයා ගැනීමට ඇති දත්ත අල්ප වීමත් ඒ ආදරයට හේතුවක් වෙන්න පුළුවන්. මුලින් ම කිව්වානේ මේ සිතුවම ලන්දේසි මොනාලිසා නමින් හඳුන්වනවා කියලා, වර්මියර් ගේ මේ සිතුවම සහ ඩාවින්චිගේ මොනාලිසා යන සිතුවම් දෙකේම තිබෙන්නේ අවිනිශ්චිත පසුබිමක සිටින කාන්තාවන් ගේ උඩුකය රූපයි.
ඒත් මේ සිතුවමේ තිබෙන්නේ ඩාවින්චි ගේ මොනාලිසා සිතුවමේ වගේ කෙනෙකුගේ ප්‍රතිරූපයක් නොවීම මෙහි විශේෂත්වයක්.දීර්ඝ කාලයක් තිස්සේ කවුරුන්දැයි හරියට නොදැන සිට පසුව තහවුරු කර ගත් “මොනාලිසා” සැබෑ යුවතියක ගේ ප්‍රතිරූපයක් ලෙස පෙන්වා දිය හැකියි. මේ සිතුවම “ත්රෝනි “(Tronie) ලෙස හැදින්වෙනවා. ඒ අතරම පොදුවේ ගත් විට යම් තෝරා ගත් චරිතයක ලක්ෂණ හා විශේෂයෙන් මුහුණේ හැගීම් වැඩිකොට පෙන්වන සිතුවම් ගණයට මේ චිත්‍රය අයත් වෙනවා. “ත්රෝනි ” කියන්නේ විදේශීය කාන්තාවක ලෙස සිතිය හැකි අවස්ථා ද නැතිවාම නොවෙයි.
එයට ඇයගේ හිසේ ඇති තලප්පාව සහ ඇදුම්වල ලක්ෂණ උදාහරණ ලෙස දැක්විය හැකියි.ඒ විතරක් ම නොවෙයි, ඇගේ කනේ පළඳලා තිබෙන විශාල ප්‍රමාණයේ මුතු කරාබුව ද මෙම නිගමනය තවත් සනාථ කරනු ලබන්නක්.ඒ වගේ ම තමයි මේ සිතුවම විචාරය කරන ඇතැමෙක් මේ කරාඹුවේ අන්තර්ගතය සහ දිස්නය අනුව මුතු වලට වඩා ඔප දමන ලද ටින් ලෝහයෙන් සකස් කරන ලද්දක් බවට අනුමාන කරනවා.
ලොව පුරා වැසියන් ගේ ආදරයට පාත්‍ර වුණ මේ අරුම පුදුම තරුණියගෙන් සමුගෙන ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී මීළඟ ලිපියෙන් මුණ ගැසෙමු.
– සුපුන් භාග්‍යා වීරකෝන් –