fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයේදී ප‍්‍රතිවාදනය වුණු ප‍්‍රසන්නගේ අප‍්‍රසන්න ප‍්‍රකාශය

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 18:21

අධිකරණයේදී ප‍්‍රතිවාදනය වුණු ප‍්‍රසන්නගේ අප‍්‍රසන්න ප‍්‍රකාශය

කොළොන්නාව මීතොටමුල්ල ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් කර දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කටයුතු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳට එරෙහි නඩුවේ වැඩිදුර සාක්‍ෂි විමසීම කොළඹ මහාධිකරණයේදී අද ආරම්භ කෙරුණා.

නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු වන ව්‍යාපාරික ජෙහාඩ් මෙන්ඩිස් සඳහන් කළේ හිටපු මහ ඇමතිවරයා තමාට තර්ජනය කර මුදල් ඉල්ලා සිටි බවයි. එම සංවාදය සිය ටැබ් පරිගණකය මගින් පටිගත කරගත් බව පැවසූ සාක්‍ෂිකරු එය විවෘත අධිකරණයේ අද ප්‍රතිවාදනය කළා. වැඩිදුර සාක්‍ෂි විමසීම ලබන 28 වනදාට කල් තැබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්