fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දයාසිරි පැය පහහමාරක් රහස් පොලීසියේ

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 17:44

දයාසිරි පැය පහහමාරක් රහස් පොලීසියේ

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා. ඒ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඒ මහතා පෙරවරු 10ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔහුගෙන් පස්වරු 3.50 වන තෙක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී මාධ්‍ය මගහරිමින් පිටව ගියා. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මැතිවරණ සමයේ තමන්ට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්