fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 16:15

පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

45 වන ජාතික පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කොළඹ ශාන්ත ජෝෂප් විදුහල දිනා ගත්තා. එහි බාලිකා ශුරතාව හිමිවුයේ මහනුවර මාහාමායා විද්‍යාලයටයි.

තරගාවලිය දින පහක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණා. ඊට වයස් කාණ්ඩ හයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දහසකට අධික පිරිසක් සහභාගී වුණා. ඒ පාසල් 130කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින්. තරගාවලියේ දැක්වූ දක්ෂතා මත බාලක ශුරතාව කොළඹ ශාන්ත ජෝෂප් විදුහල දිනා ගත්තා. බාලිකා ශුරතාව හිමිවූයේ මහනුවර මහාමායා විද්‍යාලයටයි. මිශ්‍ර පාසල් ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල  දිනාගත්තා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 16:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්