fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියා ඇමෙරිකා රාජ්‍ය නායකයින් සිංගප්පූරුවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 14:13

උතුරු කොරියා ඇමෙරිකා රාජ්‍ය නායකයින් සිංගප්පූරුවට

හෙට (12) පැවැත්වීමට නියමිත උතුරු කොරියා ඇමෙරිකා රාජ්‍ය නායක හමුව පිළිබද ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තොසා දිවයිනේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සිංගප්පූරුවේ ප්‍රධාන දූපතේ සිට මීටර් 500 ක් පමණ දුරින් මෙම දූපත පිහිටා තිබෙනවා.

එරට තෙවන විශාලතම දූපත වන්නේ සෙන්තොසා දූපතයි. එහි කැපෙල්ලා හෝටලයේදී හමුව පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ හේතුවෙන් සෙන්තොසා දිවයිනට දැඩි ආරක්ෂාකවක් යොදවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම පිණිස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ  උතුරු කොරියා නායක කිම් ජොං උන් මේ වන විටත් සිංගප්පූරුවට පැමිණ සිටිනවා. දෙරටේම විශේෂ නියෝජිතයන් මෙන්ම ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් ද සිංගප්පූරුවට පැමිණ සිටින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්