fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 13:21

කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ක්වින්ස් පාර්ක් ඕවල් පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 185 ක් පමණයි. මේ අනුව ලකුණු 229 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ කොදෙව්වන් කඩුලු 7  ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ ලකුණු 452 ක ජයග්‍රාහී ඉලක්කයක්. එය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ හා පසු පෙළ ක්‍රීඩකයින්ට සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 102 ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 යි. ලකුණු 31 ක් තුළ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු හයක් බිද වැටීමත් සමග සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 226 ක් පමණයි. තරගයේ වීරයා සම්මානය බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොවිච් දිනා ගත්තා. තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් තරගය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 13:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්