ශ්රී ලංකන් එයාර්ලයින්,ශ්රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුව ඇති බව කියන අක්රමිකතා විමර්ශනය සදහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද යළි ආරම්භ කෙරුණා.
අදාල සමාගම්වල අක්රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙම විශේෂ කොමිෂන් සභාව පත් කළේ පසුගිය පෙබරවාරි 14 වනදායි. 2006 වසරේ සිට 2018 යන කාලසීමාව තුළ මෙම ආයතනවල සිදුව ඇති බව පැවසෙන අක්රමිකතා පිළිබඳ කොමිසම විමර්ශන සිදු කරනවා. අද දිනයේත් සාක්ෂි ලබා දීමට පැමිණියේ සමාගම් රෙජිස්ටාර් ඩී එන් ආර් සිරිවර්ධන මහතායි.