fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් ඉන්න

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 12:47

ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් ඉන්න

පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ අතර කදුකර ප්‍රදේශවල ජනතාවටද  නාය යෑම් ලක්ෂණ පිලිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙසයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි,

මේ අතර හෙටින් පසු සුළං තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය ප්‍රකාශ කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය,

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. කාසල්රි ජලාශය සහ මාඋස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම් ද වාර්තා වනවා. ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කෙරුණා. එම මංතීරුවේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක්ද සිදුව තිබෙනවා. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් තද සුළං තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

මාස්පොත, අලුපොතගම, ගෝනගම, හෑලව ආදී ප්‍රදේශවල නිවාස කිහිපයකට දැඩි සුළගින් අලාභහානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග කිහිපයක ධාවන කටයුතුවලටද බාධා එල්ල වුණා.

කුරුණෑගල ප්‍ර දේශයේ ඇති වී තද සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදාව දායකත්වය ලබා දී තිබෙනවා. කුරුණෑගල කුඩා ලග්ගමුව, බිබිලදෙනිය ආදී ප්‍රදේශවල අවතැන් ජනතාව සදහා සහන සැලසීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ප්‍රදේශයේ කඩා වැටී ඇති ගස් ඉවත් කිරීමට කටයුතු කළ අතර නිවාස අලුත්වැඩියා කිරීම ඇතුළු සහන සැලසීමේ කටයුතු සදහාද දායකත්වය ලබා දී තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇහැළියගොඩ ප්‍රදේශයේ අබලන් වී ඇති මාර්ග, පාලම් සහ පැති බැමි ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඇහැළියගොඩ කරදින ඇල හරහා ඉදිකෙරෙමින් පවතින පාලමේ කටයුතු පිළිබද සොයා බලමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්