නිධන් හෑරීම සදහා පැමිණි බව කියන සැකකරුවන් 03 දෙනෙකු භූගත ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමේ උපකරණයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් වවුනියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. නුවර සිට පැමිණ ඇති සැකකරුවන් භූගත ස්කෑනර් යන්ත්‍රය උපයෝගී කරගෙන නිධන් හෑරිමට සැළසුම්කර ගෙන සිටි බව පොලීසිය පවසනවා. සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.