fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:29

වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි

වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අදාළ වැටලීම සිදු කළා.

නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම ගව ඝාතකාගාරයේ ඉතා හිංසාකාරී ලෙස සත්වයින් රදවාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. වැටලීම සිදුකරන අවස්ථාවේ ගවයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණේ ඒ සදහා උපයෝගී කර ගත් ආයුධ කිහිපයක් ද සමගයි. දිගු කලක සිට මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවටද  තොරතුරු හෙළිව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්