fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සහ කේරල ගංජා සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:08

හෙරොයින් සහ කේරල ගංජා සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදු කෙරුණු වැටලීම්වලදී හෙරොයින් සහ කේරල ගංජා සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුලියන් කුලම පොලිස්තානයේ නිලධාරින්ට ලැබුණ තොරතුරකට අනුව කොළඹ බලා ධවනය වූ බස්රථයක් පරීක්ෂා කිරීමේදී කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෑග් දෙකක් තුළ බහා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 08කට වැඩි ප්‍රමණයක් එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසය ප්‍රකාශ කළේ. වසය අවුරුදු 51ක් වූ සැකකරු  කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වවුනියාව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ හෙරොයින් ග්‍රෑම් 05 ක්ද සමඟයි. වසය අවුරුදු 48 ක් වූ ඔහු එම ප්‍රදේශයේම පදිංචිතරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළා.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් අසකලදීද හෙරොයින් සමඟ සැකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිස්ථානයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ දී වයස අවුරුදු 24ක් වූ තරුණයෙකු ද හෙරොයින් ග්‍රෑම් 03ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්