fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරි -මේගන් පළමු රාජකාරිය අරඹයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:15

හැරි -මේගන් පළමු රාජකාරිය අරඹයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ නව යුවළ ලෝකයට ම කියලා පහුගියදා විවාහ වුණා කියලා ඔබ දන්නවානේ.ඒ ගැන සති ගණනක් මිනිස්සු කතාබහ කළා.ඉතින් මේ යුවළ ගැන ඇහෙන අළුත් ම පුවත තමයි ඔවුන් තමන්ගේ පළමු රාජකීය නිළ සංචාරය ආරම්භ කළා කියන කාරණය.

විවාහයෙන් පස්සේ සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ඔස්ට්‍රේලියාවේ ෆිජි සහ ටොංගා වගේ ම නවසීලන්තයේ ත් නිළ සංචාරයක නිරත වෙන බවයි ආරංචිය.හැරි කුමාරයා කොහොමත් තමන් ගේ අම්මා ඩයනා කුමරියට ආදරෙයිනේ.ඉතින් චාල්ස් – ඩයනා යුවළත් මුළින් ම සංචාරය කරලා තියෙන්නෙත් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ.

ඒ විතරක් නෙවෙයි විලියම් කුමාරයා සහ කේට් කුමරියත් ඒ සම්ප්‍රදාය ම අනුගමනය කරලා තිබුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්