fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අරමුණ බව ඇමති සජිත් කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 17:48

ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අරමුණ බව ඇමති සජිත් කියයි

ගම්උදාව හා ගම්පෙරළිය වැඩසටහන් තුළින් නව ආදායම් මාර්ග බිහි කරමින් ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අරමුණක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කුරුණෑගල අඹන්පොළ සිහනදගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 78 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 25 කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 331 ක්. මාර්ග,ජලය,විදුලිය ඇතුලු සියලු යටිතල පහසුකම්වලින් ගම්මානය සමන්විතයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

මීට සමගාමීව විසිරි නිවාස ණය ප්‍රදානය ඇතුලු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්