fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධ ගැන ඇමතිගේ හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 13:23

අපරාධ ගැන ඇමතිගේ හෙළිදරව්ව

2015 වසරෙන් පසු මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් සම්බන්ධ අපරාධවල පැහැදිළි අඩුවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ලැබී ඇති සංඛ්‍යා දත්ත මගින් ඒ බව තහවුරු වන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

2015 වසරේ දී මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 476ක් වාර්තා වී තිබෙනවා. ඒ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් ද ඇතුලත්වයි. 2017 වසරේ දී වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් සංඛ්‍යාව 452ක් දක්වා අඩු වී තිබෙනවා. මෙම වසරේ පළමු මාස 5 තුළ වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් සංඛ්‍යාව 214ක්. මේ අනුව 2015 වසරට සාපේක්ෂව මනුෂ්‍ය ඝාතනවල පැහැදිළි අඩුවක් වාර්තා වනවා. 2015 වසරේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 2033ක්. එය 2017 වසරේදී 1732 ක් ලෙසයි වාර්තාවුණේ. මෙම වසර තුළ මේ දක්වා වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 734ක්. මේ අතර කොල්ලකෑමේ සිද්ධීන්වලද මේ වන විට පැහැදිලි අඩුවක් දක්නට ලැබෙනවා. 2015 වසරේදී වාර්තා වී ඇති කොල්ලකෑමේ සිද්ධීන් සංඛ්‍යාව 4017ක්. එය 2017 වසර වන විට 3366ක් ලෙසයි වාර්තාවුණේ. මෙම වසරේ මුල් මාස කිහිපය තුළ කොල්ලකෑමේ සිද්ධීන් 1260ක් වාර්තාවී තිබෙනවා. මෙම සංඛ්‍යා දත්ත අනුව  මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් සම්බන්ධ අපරාධවල පැහැදිළි අඩුවක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මේ පිළිබද අදහස් පළකළා.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර,

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්