ප්‍රවීන ලේඛක අභාවප්‍රාපත්ත සෝමවීර සේනානායක මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී හෙට (11) සිදු කෙරෙනවා. සෝමවීර සේනානායක මහතා ඊයේ (9) අභාවප්‍රාප්ත වන විට 74 වන වියේ පසු වුණා. ඒ මහතා ටෙලිනාට්‍ය පිටපත් රචනයට පිවිසියේ 1993 වසරේ වෙසක් පහන ඒකාන්ගික ටෙලිනාට්‍යයෙන් පිටපත් රචනය තුළින්. පළිගු මැණිකේ අසල්වැසියෝ දූ දරුවෝ වැනි ඔහු රචනාකළ ටෙලිනාට්‍ය අදටත් ප්‍රේක්ෂක මතකයේ පවතිනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/dudaruwo.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/sss.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Asalwasiyo.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/hqdefault.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/ssss.png”]
සෝමවීර සේනානයක මහතාගේ පළමු තිර කථාව ඔහුගේම නවකථාවක් ඇසුරින් ලියවුණු යශෝරාවයයි. රූපවාහිනී වාර්තා වැඩසටහන් මෙන්ම චිත්‍රපට 10ක පමණ ද ඒ මහාතා තිර රචනා සිදු කර තිබෙනවා. අභාවප්‍රාපත්ත සෝමවීර සේනානායක මහතාගේ දේහය මේ වන විට බොරගැස්ගමුව, ඇඹිල්ලවත්ත පාර, අංක 43 දරණ නිවසේ තැම්පත් කර තිබෙනවා.