fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් රජයෙන් නිහඬව සේවාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 13:07

හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් රජයෙන් නිහඬව සේවාවක්

හුදු ප්‍රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ඉඩම් බලපත්‍ර දස ලක්‍ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ රාජාංගනය ප්‍රදේශයේ පවුල් 500 කට බලපත්‍ර ලබා දීමේ වැඩසටහනකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බලපත්‍ර නොමැති විහාරස්ථාන කිහිපයක් සඳහා පූජා ඔප්පු පිරිනැමීම ද එහිදී සිදු වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. වත්මන් රජය යටතේ සෑම සමාජ කොට්ඨාසයකම සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කෙරෙන බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්