fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් වෛරසය පැතිරම පාලනය කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 12:31

සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් වෛරසය පැතිරම පාලනය කෙරේ

දකුණු පළාතේ පැතිර යන වෛරස රෝගය පාලනය සදහ ඖෂධ ඇතුළු සියලු පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වෛරසය පැතිර යාම මේ වන විට පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතීනම් වහාම රෝහල් ගත වන ලෙස මේ වන විටත් ජනතාව දැනුවත් කර තිබෙනවා. එහෙත් දරුවන් පාසල් වෙත පැමිණීමේ අඩුවක් දැකිය හැකි බව දකුණු පළාත් අධ්‍යාපන නිලධාරින් පවසනවා.  වෛරසය පැතිරයාම පාලනය කර ඇති බැවින් දරුවන් පාසල් එවීමට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. රෝගය සම්බන්ධයෙන් නොයෙකුත් වැරදි මත  පැතිර ගියද රෝගීන් සදහා අවශ්‍ය සියලු ඖෂධ ඇතුළු පහසුකම් ලබාදී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ප්‍රකාශ කළා. මේ අතර මෙවැනි පසුබිමක් යටතේ ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමට  උත්සාහ කරමින් සිටින බව මහජන නියෝජිතයින් පවසනවා.

පා.ම විජේපාල හෙට්ටිආරච්චි,

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්