ඉන්දියාවේ මුම්බායි නගරයට හා දකුණු මහාරාෂ්ට්ර ප්රාන්තයට ධාරානිපාත වර්ෂාවෙන් සහ සුළගින් දැඩි බලපෑම් එල්ළ විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.
පැයට කිලෝමීටර් 60 ක පමණ වේගයෙන් සුළං හමා යනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන්නේ. මහාරාෂ්ට්ර ප්රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේ වන විට ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්ද පවතින බවයි එරට වාර්තා සදහන් කරන්නේ. අද දින මුම්බායි ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්රමාද කිරීමටද පියවර ගෙන තිබෙනවා.