fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරන්දෙණිය ඝාතනයට යොදාගත් ආයුධ සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 10:56

කරන්දෙණිය ඝාතනයට යොදාගත් ආයුධ සොයා ගැනේ

කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයාගේ ඝාතනයට යොදා ගත් ආයුධ සහ උපකරණ කිහිපයක් සොයා ගැනිමට පොලිසියට හැකි වුණා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබා ගත් තොරතුරු වලට අනුවයි.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු  සිදු කළ වෙඩි තැබිමකින් කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඒ පිලිබදව සිදු කළ විමර්ශන වලදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරිම් වලදී ලබා ගත් තොරතුරු අනුව ඝාතනයට යොදා ගත් මැගසීනයක් ,  ජීව උණ්ඩ මුහුණු ආවරණ සහ  ජංගම දුරකථනක්  ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගැනිමට හැකිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්