fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ මගී ප්‍රවාහන දුම්රියක් තුළ පිහි ඇණුමක් – එක් අයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 09:19

ජපානයේ මගී ප්‍රවාහන දුම්රියක් තුළ පිහි ඇණුමක් – එක් අයෙකු ජීවිතක්ෂයට

ජපානයේ මගී ප්‍රවාහන දුම්රියක් තුළ දී පුද්ගලයෙකු සිදු කළ පිහි ඇණුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.ටෝකියෝ සිට ඔසාකා නගරය දක්වා ගමන් කරමින් තිබූ මෙම  මගී ප්‍රවාහන දුම්රියේ ගමන් ගත් මගියෙකු මෙසේ තවත් කිහිපදෙනෙකුට පිහි ඇනුම් සිදු කර තිබෙනවා .

සිද්ධියෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. පිහි ඇනුම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සිද්ධිය වන අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 800ක් පමණ ගමන් කරමින් සිටි බවද සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්