සිංගප්පූරුවේ උතුරු කොරියානු තානාපතිවරයාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වූ දකුණු කොරියා මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇමරිකා – උතුරු කොරියා නායක දෙපලගේ සාකච්ඡාවට ආසන්නම මොහොතක වීම විශේෂත්වයක්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව ලබන අඟහරුවාදා (12) සිංගප්පූරුවේදී පැවැත්වෙනවා. ඊට සහභාගී වීම සඳහා කිම් ජොන් උන් සිංගප්පූරුවට හෙට ළඟා වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද හෙට පැමිණීිමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කලා.