fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයට සහ ජනතාවට ගෙවීමට ඇති කරුම ණය කන්දේ ප්‍රමාණය අගමැති හෙළිකරයි

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 19:02

රජයට සහ ජනතාවට ගෙවීමට ඇති කරුම ණය කන්දේ ප්‍රමාණය අගමැති හෙළිකරයි

පසුගිය රජය ගත් ණය කන්දේ කරුමය ගෙවීමට වත්මන් රජයට හා ජනතාවට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 440 ක් වැයකර තිබෙනවා. සියලු පහසුකම්වලින් සමන්විතවයි මෙය ඉදිකර ඇත්තේ. ජනතාවට කඩිනම් මහජන සේවාවක් සැලසීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගොඩනැගිලි පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති රැසක් දැනටමත් ක්‍රියාත්මක කරනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

අග්නිදිග ආසියාවේ හොඳම මොළය ඇත්තේ ශ්‍රී ලංකාවේ බව මෙහිදී අනුශාසනාවක් කළ පූජ්‍ය දේවහුවේ චන්දානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළා.

පූජ්‍ය දේවහුවේ චන්දානන්ද ස්වාමීන්වහන්සේ,

අමාත්‍ය වජිර අබේවර්ධන,

මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු හා තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්