ජීවිත 15 ක් බිලිගත් සිංහරාජ රක්ෂිතයේ සැරිසරන වන අලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට යොමුකිරීමට පියවර ගන්නා ලෙස තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වනජිවී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. පොතුපිටියේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකළා.
සිංහරාජ රක්ෂිතයේ සැරිසරන ජන ජීවිතයට තර්ජනයක් වී ඇති වන අලි දෙදෙනා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පොතුපිටි රජවත්ත විහාරස්ථානයේදී පැවැත්වුණා. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, වනජීවී අධ්යක්ෂ ජෙනරාල් එම් සී ජී සූරිය බණ්ඩාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.