නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරන පන්ති වර්ජනය හේතුවෙන්. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයට අයත් සන්නිවේදන හා වාණිජ අධ්‍යයන පීඨ මෙලෙස වසා දැමීමටයි පාලන අධිකාරිය කටයුතු කළේ. අද (09) සිට නැවත දැනුම් දෙන තුරු අධ්‍යන කටයුතු නවත්වා ඇති බව සන්නිවේදන හා වාණිජ අධ්‍යන පීඨය සඳහන් කළා.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය තාවකාලිකව වසා දැමේ
කියවීමට මිනිත්තු 0