fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට දැඩි සුළඟින් හානි

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 12:00

ප්‍රදේශ රැසකට දැඩි සුළඟින් හානි

නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි සුළගින් බලපෑම් එල්ල වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දැඩි සුළගින් බලපෑම් එල්ල වී තිබෙනවා. කැප්පෙටියාගොඩ, නාගොඩ, උනන්විටිය, බුදපානාගොඩ ආදි ප්‍රදේශ ඒ අතර වනවා. ගස් කඩා වැටිමෙන් නිවාස හා දේපළවලට හානි සිදු ව ඇති අතර ප්‍රදේශයේ විදුලි බලයද ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.  ගස් කඩා වැටී මාර්ග අවහිර වීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා.

ධාරාණිපාත වර්ෂාවත් සමග ඇතිවු  තද සුළං තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ ඌරවත්ත ධීවර නිවාස සංකිර්ණයේ  නිවාස 16 කට පමණ අලාභ හානි සිදු වුණා. නිවාස කිහිපයක සෙවිලි තහඩු ගැල වී ගොස් හානි සිදුව තිබෙනවා.

කුරුණෑගල වැවගෙදර, සාරගම, සුන්දරාපොළ යන ප්‍රදේශවල  නිවාස පන්සියකට පමණ දැඩි සුළගින් හානි සිදු වී තිබෙනවා. ඇතැම් නිවාසවල වාහල සම්පුර්ණයෙන්ම ගැල වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගස් කඩා වැටීමෙන්ද නිවාසරැසකට හානි සිදු වී තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද ඊයේ (08) රාත්‍රීයේ දැඩි සුළගින් හානි සිදු වුණා. විශාල ගසක් කඩා වැටිමෙන් බිබිල ලුණුගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වුණා. බඩල්කුඹුර තැන්නේකුඹුර ප්‍රදේශයේ වතු නිවාස පෙළටද අලාභහානි සිදුව තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්