ප්‍රවීන ලේඛකයෙකු , ග්රන්ථ කතෘවරයෙකු සහ ටෙලි නාට්‍යය හා චිත්‍රපට පිටපත් රචකයෙකු වූ සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. අසනීප තත්වයක් හේතුවෙන් දින 10 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෝමවීර සේනානායක මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒවන විට ඒ මහතා 74 වන වියෙහි පසුවුණා. 1959 නව යුගය සඟරාවෙන් සිය ලේඛන කලාව ආරම්භ කළ සෝමවීර සේනානායක මහතා චිත්‍රකතා ද රචනා කළා. පෙති ගෝමර ඔහුගේ පළමු චිත්‍ර කතාවයි. 1993 වෙසක් පහණ ඒකාංගික ටෙලි නාට්‍යයෙන් ඔහු සිය ටෙලි නාට්‍යය පිටපත් රචනය ආරම්භ කර තිබෙනවා. 1984 පළමු මාලා නාටකය ලෙස ඔහු රචනා කළේ පලිගු මැණිකේ ටෙලි නාට්‍යයයි. පලිගු මැණිකේ, අසල්වැසියෝ, යසෝරාවය, කන්දෙගෙදර , දූ දරුවෝ , නෑදෑයෝ සහ ගිරය ටෙලිනාට්‍යය තිර පිටපත් රචනාකරමින් කලා ක්ෂේත්රයට ඒ මහතා අනගි මෙභෙයක් ඉටුකළා. මාලා නාටක 30 ක් රචනා කළ සෝමවීර සේනානායක මහතා ඒකාංගික ටෙලි නාට්‍යය 220 ක් පමණ රචනා කර තිබෙනවා. රූපවාහිනි වාර්තා වැඩසටහන් ද ඔහු රචනා කිරිම විශේෂත්වයක්. චිත්‍රපට 10 කට පමණ තිර රචනා කළ සෝමවීර සේනානායක මහතා ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ වෑකන්ද වලව්ව සහ අම්මාවරුනේ චිත්‍රපටවලට ද තිර පිටපත් රචනා කළා. දේහය බොරලැස්ගමුව ඇඹිල්ලවත්තපාර ප්‍රදේශයේ නිවසේ තැන්පත් කිරිමටයි නියමිතව තිබෙන්නේ.
ප්‍රවීන සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි
කියවීමට මිනිත්තු 1