fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්බුදවලට ලක්වූ මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට කඩිනම් විසදුම්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 19:42

අර්බුදවලට ලක්වූ මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට කඩිනම් විසදුම්

අර්බුදවලට ලක්වූ මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් වෙනුවෙන් කඩිනම් විසදුම් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා. එය වගකීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. මහ බැංකුවේ රක්ෂණ සිමාව ද පුළුල් කර තිබෙනවා. එය මිට පෙර තිබුනේ රුපියල් ලක්ෂ තුනක උපරිමයකට යටත්ව. එහෙත් මේ වන විට රක්ෂණ සීමාව රුපියල් ලක්ෂ හය දක්වා ඉහල නංවා තිබෙනවා. යම් මූල්‍ය ආයතනයක් යථා තත්ත්වයට පත්කළ නොහැකි නම් ඈවර කිරිමේ තීන්දුවක් ගතහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ඉදිරියේදි තැන්පත්කරුවන් සදහා මුදල් ලබාදිමට පියවර ගන්නා බවයි ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසන්නෙ. අයථා ලෙස මූල්‍ය ගණුදෙනු සිදුකරන ආයතන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම ද සැලැස්මක්.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 19:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්