උතුරු කොරියා නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන බව ට‍්‍රම්ප් පවසයි
Related Articles
සිංගප්පූරු හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඒ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමඟ පැවති සාකච්ඡාවකදි.
ජුලි 12 පැවැත්වෙන සමුළුවේදි කොරියා යුද්ධය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. දෙරටේ රාජ්‍ය නායකයින්ගේ හමුව සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්කර ඇති බවයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නෙ.