fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර නව අවබෝධතා ගිවිසුම්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 19:00

ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර නව අවබෝධතා ගිවිසුම්

ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට හැකිවීම පිලිබඳ සතුටට පත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් මහතා සමඟ පැවති හමුවකදී  අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ  පවත‍්නා සම්බන්ධතා පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා. ෆින්ලන් තානාපති හරී  කමරයිනන් මහතා මෙහිදී   ප්‍රකාශ කළේ ව්‍යාපාරික සමුළුවක් සදහා ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් කිහිපයක නියෝජිත කණ්ඩායමක් ලබන ඉරිදා (10) දිවයිනට පැමිණීමට නියමිත බවයි.  දෙරට අතර ඩිජිටල්කරණය, සෞඛ්‍ය  ක්ෂේත්‍රය සහ අධ්‍යාපනය යන අංශවල සබඳතා වැඩිදියුණු කිරිමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි. දෙරටේ  රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ලබන අගහරුවාදා (12) එම කටයුත්ත සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා. බලශක්ති සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ඔස්සේ තවත් අවබෝධතා ගිවිසුම් දෙකකට පෞද්ගලික සමාගම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිතයි.

මේ අනුව දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුට පල කළ අග්‍රාමාත්‍යවරයා එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ  වැදගත්ම ද මෙහිදි අවධාරණය කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්