පූසන්ට ලෝකේ පාලනය දීල පූසෝ යටතේ මිනිස්සුන්ට ජීවත්වෙන්න වුණු චිත්‍රපට නම් අපි ඕනෑතරම් බලලා තියනවා. හැබැයි ඇත්තටම මේ ලෝකේ තියෙන පූසන්ට වෙන් වුණු දිවයිනක් ගැන අහල තියනවද? දුපතක ඉන්න සම්පුර්ණ මිනිසුන් ප්‍රමාණයටත් වැඩා වැඩියන් පුසෝ ඉන්න දූපතක් ගැන හිතන්නවත් පුලුවන්ද? එත් එහෙම තැනක් තියනවා. ඒ ජපානේ Cat Island එහෙමත් නැත්තම් Aoshima කියන නමින් හදුන්වන්නේ මේ පුස් හමුදාවේ වස්භුමියයි. ගණනය කිරීම්වලට අනුව අනුපාතය බැලුවහම මේ දුපතේ ඉන්න එක මනුෂ්‍යයකුට පුසෝ හය දෙනෙක් වැඩියෙන් වෙන්වෙනවා.
කිලෝමීටර් 1.6ක ප්‍රමාණයකින් යුත් මේ දුපතට යන්න පුළුවන් වෙන්නේ බෝට්ටුවෙන්.එහෙම යන්නත් මිනිත්තු 30ක කාලයක් ගතවෙනවා.
2013 වසරේ දී සංචාරකයකු මේ දූපතේ පින්තුරයක් ට්විටර් වෙත එක් කළායින් පස්සේ තමයි මේ දුපත ගැන හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ වන විට මේ දුපතේ පූසොත් එක්ක ඉදල තියෙන්නේ වයසක වැඩිහිටි පවුල් 20ක් විතර ප්‍රමාණයක්. ඒ වගේම පුසන් 150ක් විතර ප්‍රමාණයක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/aoshima.jpg”]
හැබැයි 1945 අවුරුද්දේ මේ දුපතේ මිනිස්සු 900ක් විතර ජීවත්වෙලා තියනවා. ඒ වන විට මේ දුපතේ මිනිසුන්ගේ ජීවන වෘත්තිය වෙලා තියෙන්නේ ධීවර කර්මාන්තය. ඒ කාලයේ මේ කර්මාන්තය කරගෙන යනකොට ධීවර බෝට්ටුවලට මීයෝ පැමිණෙන නිසා පුසෝ කිහිපදෙනෙක් ඇති කරන්න මේ ජනතාව පුරුදු වුණා. කාලෙත් එක්ක ඒ පූසෝ කිහිපදෙනා මෙච්චර ජනගහනයක් බවට පත්වෙලා තියෙන්නේ. කොහොම නමුත් කාලය ගත වෙද්දී හරි හමන් රැකියාවක් නැති නිසා මිනිස්සු එකා දෙන්නා මේ දුපතෙන් නගරයට යන්න පටන් ගත්තා.1976 දී මේ දිවයිනට තිබුණ එකම පාසලත් වැහිලා ගිහිල්ලා.කොහොම නමුත් මිනිසුන්ගේ ජනගහනය ටිකෙන් ටික අඩුවෙද්දී පූසන්ගේ ප්‍රමාණය ටිකෙන් ටික වැඩිවෙලා තියනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/n-catisland-a-20150306-870×579.jpg”]
මේ වන විටත් මේ දුපතේ ජීවත්වන බොහෝ දෙනෙකු විශ්‍රාමිකයන්. තමන්ගේ ජීවන වෘත්තිය මාළු ඇල්ලීම වුණත් මේ පූසන් පෝෂණය කිරීම දැන් ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතුවල අනිවාර්ය අංගයක් බවට පත්වෙලා. ඒ වගේම මේ ධීවර ගම්මානයේ සංචාරක කර්මාන්තය දියුණු වෙලා තියෙන්නෙත් මේ දුපතේ ඉන්න පුසෝ නිසා.
කොහොම නමුත් මේ Aoshima පුස් දිවයිනට තහනම් වචනේ තමයි බල්ලෝ. බල්ලන් ඇති කිරීමත්, ගෙන ඒමත් සම්පුර්ණයෙන්ම තහනම්. ඒ වගේම පුසන්ගේ සෞඛ්‍ය ගැන වගේම පුසන්ව ලස්සනට තියන්නත් දුපතේ වැසියන් අමතක කරන්නේ නැහැ.
2005 වසරේ මේ දුපත අවට ඇති වූ භූමිකම්පාවක් නිසා පූස් ජිවිත කිහිපයක් අහිමි වුණා. එවැනි ස්වභාවික ආපදාවක් ඇරෙන්න මේ දුපතේ ඉන්න පූසන්ට කාගෙන්වත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/6278200-3×2-940×627.jpg”]
මේ දුපතේ අඩුම තරමේ බයිසිකලයක්වත් කිසිම වහනයක්වත් නැහැ. එකම ප්‍රවාහන ක්‍රමය බෝට්ටු පමණයි. ඒ නිසා පූසන්ට කිසිම අනතුරක් නැතිව ජිවත් වෙන්න පුළුවන් වෙලා තියනවා. පරණ මැෂින් ,ගරා වැටුණු ගෙවල් මත්තේ මේ පූසන් අපූරු ජිවිත ගත කරන්නේ හරියට චිත්‍රපටයක පසුතලයක ඉන්නවා වගෙයි.ඒ වගේම දුපතේ ඉන්න මිනිස්සු දෙන අමු මාළු, පූස් ආහාරවලින් සිය බඩ කට පුරෝගෙන සහෝදර පූස් හිතවතුන් එක්ක සෙල්ලම් කරමින් මේ සත්තු ජීවිතය ගෙවන්නේ හරියට පූසන්ට වෙන් වුණු පරදිසයක ඉන්නවා කියල හිතාගෙන වගේ.හැබැයි දවල් කාලෙට වැඩිය කළුවර වැටීගෙන එද්දී මුළු පරිසරයම නිහඩ වුණායින් පස්සේ පූසෝ කිහිප දෙනෙක් එක පේළියට පුර හදට කතා කතාකරද්දි එහෙමත් නැත්තම් තමන්ගේ විවිධ හඩවලින් පරිසරයේ පාළුව මකන්න ගත්තහම නම් එන්නේ මහා අද්භූත හැගීමක් කියලයි දූපත් වැසියන් කියන්නේ .ඒ නිසාම මේ පූසන්ගේ මොකක්දෝ අද්භූත මායාකාරී බවක් තියනවා කියලත් සංචාරකයෝ කියනවා.
ශානිකා රත්නායක
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/maxresdefault-1-e1528461893265.jpg”]