fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 31යි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 13:29

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 31යි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවනවිට කඩුලු තුනක් දැවී ලකුණු 31 ලබා සිටියා.

කුවින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් පළමු ඉණිම සඳහා කඩුලු අටක් දැවී ලකුණු 414 ක් ලබාසිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කළා. හුදකලා සටනක නිරත වූ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොවිච් නොදැවී ලකුණු 125 යි. කොදෙව් පිතිකරුවන් හය දෙනෙකු අර්ධ ශතකය ආසන්නයට පැමිණීමට සමත්වුණා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු හතරක් දවාගත්තා. සුරංග ලක්මාල් කඩුලු දෙකක් බිදදැමුවේ නිලකුණු පන්දුවාර 11 ක් ද සමගින්. පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ දෙවන දිනය නිමාවනවිට කඩුලු තුනක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 31 ක් පමණයි. කඩුල්ලේ නොදැවී රැදී සිටින නායක දිනේෂ් චන්දිමාල් පන්දු 31 කට මුහුණ දී ලකුණු 3 ක් රැස්කරගෙන සිටිනවා. සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි රොෂේන් සිල්වා නොදැවී එක් ලකුණක් ලබා සිටිනවා. අද (08) තරගයේ තුන්වන දිනයයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 13:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්