ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් පවතිනවා. මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඊට ඇතිව තිබෙන බව ෆේස්බුක් ආයතනය පෙන්වා දෙනවා. පරිශීලකයින් තම මිතුරන් සදහා පමණක් යොමුකරන සටහන් ඕනෑම අයෙකුට දැකගත හැකිවීම මෙම අවදානමේ විශේෂත්වයයි.
පසුගිය මැයි 18 වනදා සිට 22 වනදා දක්වා ෆේස්බුක් හි තම පිටුවල සිදුකළ ඉදිරිපත් කිරීම්වලට පමණක් මෙය බලපාන බව ෆේස්බුක් ආයතනය සදහන්කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් භාවිත කළ මිලියන 14කට මෙම බලපෑම එල්ලවී ඇති බව පැවසෙනවා.