fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රැහැම් පවුලේ පරම්පරාගත උරුමය (Hereditary)

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 13:49

ග්‍රැහැම් පවුලේ පරම්පරාගත උරුමය (Hereditary)

විශ්වාසයෙන් ඔබ්බට ගියහොත්, ඔරෙඩිටෙරි “Hereditary” යනු ඔබ විසින් මෙතෙක් කල් බලාපොරොත්තු නොවුණු වර්ගයේ චිත්‍රපටයක්. මෙය එතරම්ම පුදුමසහගත වන්නේ මේ සිනමා දර්ශනය තුළ ඔබ සිහින දකින්නෙක් වීමයි. මෙම චිත්‍රපටයේ පළමු විනාඩි 90 පුරාවටම ඔබ භීතියට පත් කරවන අතර එහි අවසන් විනාඩි 30 දී අතරමං සිටි ඔබට මං පෙනෙනු ඇත. අධ්‍යක්ෂ ආරී අස්ටර් විසින්ම මෙම විශ්මයජනක කථාව නිර්මාණය කරයි. ඔබ මෙහිදී සිදුවීම් ඇත්ත වශයෙන්ම සිදුවන්නක් හෝ ග්‍රැහැම් පවුලෙහි පරිකල්පනයන් වන අතර, බයිබලානුකූල ගතහොත් අවාසනාවක් හෝ විවිධාකාරයේ මානසික රෝගයක්.

මේ චිත්‍රපටයේ දර්ශන වලට අවනත වන ඔබට එහිදී උද්ගත වන පුළුල් ගැටළු වලට සැබවින්ම උනන්දුවක් ඇතිකරවයි. ඇතැම් අවස්ථාවලදී සිතුවිලි සහ භාෂාවන් කඩා දැමීම, සීරීම සහ ඉරා දැමීම තුළින්, ආස්ටර්ගේ චිත්‍රපටයට ඔබව බැඳ තබාගන්නට උත්සහ දරයි.

චිත්‍රපටයේ අවසානය ඔබ දැක ඇති ඕනෑම යමක් පිළිබඳ නිරවද්‍යතාවේ යථාර්ථය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. කෙසේ වෙතත් මෙහිදී ඔබ විචක්ෂණශීලී නොවන අදහස පිළිබඳ මෙම තිර රචනයේදී වඩාත් සැලකිල්ලට ගෙනබෙනවා. මෙම චිත්‍රපටය නරඔන ඔබ අස්ටර්ට, ඔහුගේ සිනමා කැමරා ශිල්පියා වන Pawel Pogorzelskiට, කැමරා සහ ආලෝක කන්ඩායමට සහ සංගීත හා ශබ්ද පරිපාලක කණ්ඩායමට විශේෂ ඇගයීමක් ඔබත් ලබා දෙනු නිසැකයි.

IMDB දර්ශකයේ දැනටම 8.2/10 අගයක් ලබාගන්නට “Hereditary” සමත් වී තිබෙනවා.  අද (ජූනි 8) ඇමරිකාවේ රිදී තිරයේ දිගහැරෙන මෙය ලඟදීම ඔබ නෙත් ඉදිරියේදීත් දිගහැරෙනු ඇත. එතෙක් නරඔන්න එහි පූර්ව දර්ශනය (පහතින්)

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 13:49

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්