fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම් නගාසිටුවීමේ බේරුවල වැඩපිළිවෙළ ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 12:16

ගම් නගාසිටුවීමේ බේරුවල වැඩපිළිවෙළ ඇරඹේ

දොරෙන් දොරට ගමින් ගමටගම් 15,000 ක් නගා සිටුවීමේ රජයේ වැඩපිළීවෙල යටතේ බේරුවල ආසනයේ ඉදිකරන ලද බහුකාර්යගොඩනැගිලි 03 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නමහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි.

බේරුවල හෙට්ටිමුල්ලමරදාන පරණ කඩේ සහ මුල්ලපිටිය යන ප්‍රදේශවල ඉදිකරන ලද මෙම ගොඩනැගිලි විවෘත කළ අතර,ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 75 කට අධික වෙයි. බේරුවල හෙට්ටිමුල්ල සහ මුල්ලපිටියබහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරිම සදහා ඉඩම් ලබා දී ඇත්තේ පරිත්‍යාගශීලීන් විසිනි.

මෙම බහුකාර්ය ගොඩනැගිලිවිවෘත කිරීමෙන් පසු පැවැති රැස්වීම් වල දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ශ්‍රී ලංකාවේ නඩු වලින් 85% ක්ම තිබෙන්නේ ඉඩම් නඩු. ඉඩම් හේතුවෙන් මරණ මෙන්ම ශාරීරික පීඩා ද සිදුවෙනවා. සහෝදර සහෝදරියන් පමණක් නොව දෙමාපියන් ද ඉඩම් හේතුවෙන් මරා ගන්නා යුගයක් තිබෙන්නේ. එවැනි කාලයක පොදු කටයුත්තක් සදහා ඉඩම් පරිත්‍යාග කිරීම ඉතාම වැදගත්. මෙම දේපල ආරක්ෂා කළ යුතුයි. පසුගියදා මම දඹුල්ල මුලික රෝහල සංවර්ධනය කිරීම සදහා සාකච්ඡාවකට සහභාගි වුණා. දඹුල්ල මුලික රෝහල පළාත් සභා රෝහලක්. නමුත් මම පළාත් සභාද, මධ්‍යම රජයේ ද කියා බලන්නේ නැතිව සංවර්ධන කටයුතු සිදු කරනවා. නමුත් එම සංවර්ධනකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මාධ්‍ය වෙනත් කථා කතා කරනවා. මෙම රෝහල සදහා නව රෝහලක්දඹුල්ල ප්‍රදේශයේ ඉදිකිරිමට සැළසුම් කර තිබෙනවා. මාව විවේචනය කරන ඇතැම් මාධ්‍යවේදීන්ටත් රෝගී ප්‍රතිකාර ලබා ගැනීම සදහා මෙම රෝහලට පැමිණෙන්න සිදු වෙයි.”

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්